ඉංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය- 2019

 

70133398 10157637580484468 8801239720173502464 o  70669497 10157637567834468 2890302609824940032 o   70482439 10157637644419468 1154951026978062336 o  71393812 10157637653449468 6660196886734962688 o

 ඉංගිරිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කලායතන , දහම් පාසල් , පාසල් සිසුන්ගේ සහ විවිධ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ කුසලතා අගය කරමින් ඔවුන්ගේ හැකියාවන් උරගා බැලීමේ සහ එම කුසලතාවන් අගය කිරීමත් සංස්කෘතික සංදර්ශනයන් පවත්වා උත්සවශ්‍රීයෙන් එය පැවැත්වීම අරමුණු කරගනිමින් 2019.10.20 දින ඉංගිරිය නව රංග ශාලාවේදී "ඉංගිරිය සාහිත්‍ය කලා මහෝත්සවය" පවත්වන ලදී.

මෙහි ප්‍රධානත්වය ආගමික නායකයන්, මහජන නියෝජිතයන්, කලාකරුවන් සහ පාසල් ගුරුවරුන් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන්  උත්සවශ්‍රීයෙන් සිදු කරන ලදී

අරමුණු :

  •  කලා මාධ්‍යයක් ලෙස සාහිත්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම.
  •  සමාජ සංස්කෘතිය තුල පවත්නා සාහිත්‍ය කලාව පිළිබද ආකල්ප සංවර්ධනය කිරීම.
  •  ප්‍රාදේශීය සාහිත්‍යධරයන්ගේ නිර්මාණ කුසලතා එලිදැක්වීම.
  • නව පරපුරක් තුල පොත්පත් පරිශීලනය හා කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම
  • ළමා හා තරුණ නිර්මාණ කරුවන් නව තේමාවන් ඔස්සේ නිර්මාණකරනයට යොමු කිරී
  •  පොදුවේ සාහිත්‍ය ලොවේ රසය සමාජගත කිරීම තුළ රස වින්දන ශක්තියෙන් හෙබි සංවේදී අනාගත පරපුරක් බිහි කිරීම

සාහිත්‍ය තරග :

අත් අකුරු තරග, පද්‍ය ගායනා තරග, ගද්‍ය පද්‍ය රචනා තරග මහා වංශය හා අනෙකුත් කෘති පිළිබද විචාර තරග, ගීත රසවින්දන තරග, නාට්‍ය පිටපත් තරග ඇතුළු තරග අංග ගනනාවකි. ශබ්ද කෝෂ නිර්මාණ - ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ - විවෘත යන අංගයන්ගෙන් යුක්තවිය

සාහිත්‍ය උත්සවය ප්‍රධාන අංග :

  • • කලා කරු උපහාර ප්‍රදානය
  • • ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය
  • • සංස්කෘතික ප්‍රසංගය

 

News & Events

10
ජූනි2020
සේවා ප්‍රණාම පූජා

සේවා ප්‍රණාම පූජා

සේවා ප්‍රණාම පූජා                 ...

Scroll To Top