උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුව - 2022

ලොවම භාවිතා කරන මනෝමිතික පරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියූ දරුදැරියන් සඳහා නොමිලේ උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම හා උසස් අධ්‍යාපන/ වෘත්තීය අවස්ථා හඳුන්වාදීමේ වැඩමුළුවක් 2022.06.20 සඳුදා දින පෙ.ව. 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 සම්පත්දායකත්වය: නිපුණතා සංවර්ධන නිලධාරී මාධව මුතුකුඩ ආරච්චි මහතා

සංවිධානය: නිපුණතා සංවර්ධන අංශය හා මානව සම්පත් සංවර්ධන අංශය

කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදත් හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට එල්ලවූ බාධා හමුවේ අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තු ඇති කර ගැනීමට මෙහිදී මග පෙන්වීමක් සිදු කෙරිණි. දරුදැරියන්ගේ ඉහළ ප්‍රතිචාර සමඟ ඉතා සාර්ථකව මෙම වැඩමුළුව පැවැත්විණි.

 

 

 

 

 

 

News & Events

22
May2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

Scroll To Top