e ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය

"e ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතිය යටතේ ගෘහ ලේඛනය සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනේ දත්ත එකතු කිරීමේ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන ලෙස ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2022.08.29 දින පැවැත්විණි. 

මේ සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ටී. පී. මුදිතා පත්මජායි මෙනවිය ඇතුළු ගෞරවණීය ආරාධිත අමුත්තන්ද,

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් මංජුලා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරින්, ග්‍රාම නිලධාරීන්, වසම් සංවර්ධන නිලධාරීන් හා සමුර්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී විය.

News & Events

22
May2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

Scroll To Top