මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  • උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
      - පියා
      - මව
      - දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
      - දරුවා භාරව සිටින පුද්ගලයන්
      - රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
      - නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
      - උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top