කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.
මේ වන විට කළු ගඟේ රත්නපුර මුවගම ජලපාඨාංකයේ සුළු ගංවතුර තත්වයක් පෙන්වන අතර එය තව දුරටත් ඉහල යමින් ඇත. ඒ අනුව ගඟ දෙපස සිටින අය අවධානයෙන් සිටීම අතිශය වැදගත් වනු ඇත.



කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!===============================
ඔයා කාර් මික ක්ෂේත්‍රයක පට්ටම වැඩ්ඩෙක් වෙන්න ඇති...!🤩
ඒත් අත්දැකීම් විතරක් තිබුනට මදි!
ලෝකෙ යන වේගෙට ඔයාටත් ඉස්සරහට යන්න ඕනි නං දැන්ම NVQ සහතිකයක් ගන්නම වෙනවා....
ඉතිං ඒ සහතිකය නොමිලේම ගන්න පුළුවන් නම් කොච්චර හොදද.. 🤩
මෙන්න දැන් ඒකට අවස්ථාව...!!
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) සහ ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය එක්ව ඔබට නොමිලේ RPL-NVQ සහතික ලබාදීමේ විශේෂ වැඩමුළුවක් පවත්වනවා.
මේ වැඩසටහන මඟින්,
✅ මෝටර් රථ විදුලි කාර් මික✅ ගෘහස්ත විදුලි කාර් මික, ✅ වාහන වායු සමීකරණ (A/C) කාර් මික✅ ගොඩනැගිලි වායු සමීකරණ (A/C) කාර් මික✅ ශීතකරණ අලුත්වැඩියා කාර් මික ✅ සෝලා පද්ධති කාර් මික
කියන අංශ වල අත්දැකීම් තියෙන සහ දැනටමත් ක්ෂේත්‍රයේ නියැලී ඉන්න අයට RPL ක්‍රමය යටතේ NVQ සහතිකය නොමිලයේම ලබා ගන්න පුළුවන්.
ඉතිං ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි....!!
ඔයාගෙ හැදුනුම්පතේ සහතික කල ඡායා පිටපතක් එක්ක පහත තියෙන වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වෙලා 2026.05.14 දා වැඩමුළුවට සහභාගීවන විට වට්ස්ඇප් සමූහයේ තිබෙන RPL-NVQ අයඳුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කරලා අරගෙන එන එක විතරයි.
ඒ සදහා පොඩ්ඩක් වෙලාව අරගෙන මෙන්න මේ ඩිජිටල් form එක හරියටම පුරවලා ඒකෙ තියෙන වට්ස්ඇප් සමූහයට දැන්ම ඉතිං සම්බන්ධ වෙන්න..!!
https://form.svhrt.com/69f71bfd0ade6f5ad203353d
වැඩමුළුව පැවැත්වෙන තැන සහ දිනය තමයි ඔය පහලින් තියෙන්නෙ,
🗓️ 2026 මැයි 14 | පෙ.ව. 9.00 | නව රැස්වීම් ශාලාව,ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය (කළුතර දිස්ත්‍රික්කය)
❌ දැන් ඉතිං ඔයාටත් පුළුවන් සතයක්වත් වියදම් කරන්නේ නැතිව, ඔබේ වෘත්තීය ජීවිතය ඉහළටම ඔසවා තබන්න
හැබැයි ඉතිම් වෙලාවටම එන්න....!!!
වැඩිදුර විස්තර දැන ගන්න පහල තියෙන form එක සම්පූර්ණ කරලා සම්බන්ධ වන්න.
https://form.svhrt.com/69f71bfd0ade6f5ad203353d
වට්ස්ඇප් සමූහය සදහා...https://chat.whatsapp.com/LMMbYVVY19nJDPX5g1aSIt
මාධව මුතුකුඩආරච්චි නිපුණතා සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉංගිරිය
ඉංගිරියටත් සමෘද්ධි සුව බොජුන් හලක් විවෘත වූ වගයි. අස්වැසුම ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ අපේක්ෂාව පෙරදැරිව ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් අරමුණු කොට ගෙන අද දින සුබ මොහොතින් විවෘත විය. මේ සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය නිසංසලා පෙරේරා මැතිනියත් ,සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමා,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා හපුආරච්චි මැතිණිය,කළුතර දිස්ත්‍රික් මහ දිසාපතිතුමන්,කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමිය ,කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාර මහත්ම මහත්මීන් පිරිසක්ද,ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,පරිපාලන නිලධාරීතුමිය සහ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක්ද,සමෘද්ධි අංශයේ නිලධාරි මහත්ම මහත්මීන්ද, මෙමඅවස්ථාවට සහභාගි විය. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්තුමිය නිසංසලා පෙරේරා මැතිනියගේ උපදෙස් වලට අනුව සමෘද්ධි මහා සංගම් කළමණාකාර තුමිය ජයන්තා රුක්මණී මහත්මියගේ මග පෙන්වීම අනුව මෙම සුව බොජුන් හල ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ තවත් එක් අගනා ව්‍යාපෘතියක් ලෙස නිම කරන ලදී.


























