විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  • ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
  • උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
       - පියා
       - මව
       - භාරකරු
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි,

       - නිවැරදිව නම් කරන ලද ප‍්‍රකාශය
       - උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
  • විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත්  ලියාපදිංචි කරවා ගත හැක. ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ  මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න.

      - දුරකථන අංකය : 94 112329773 හෝ 94 112433075

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top