මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම
ලියාපදිංචි විම සඳහා යටත් වන පුද්ගලයන්
පහත 1 සිට 6 දක්වා වගන්ති වලින් විස්තර කරනු ලබන තැනැත්තන් ලියාපදිංචි වීම සඳහා යටත් නොවන අතර ඒ සඳහා හිමිකම් නොලබයි.
ලියාපදිංචි විම සඳහා ඉල්ලුම් කළ යුතු උවිත කාලය සහ හිමිකම් සහිත වයස
එවැනි තැනැත්තකු නොවන 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි සිටින හෝ ශ්‍රී ලංකාවට ඇතුළු වන සහ වයස අවුරුදු 16 සම්පූර්ණ කළ හෝ කරන සෑම තැනැත්තකුම ලියාපදිංචි කිරීමට යටත් වේ.
1967 අංක 14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනතේ 15 වගන්තිය යටතේ ලංකාවෙන් ඉන්දියාවට ගෙන යනු ලැබීමට යටත් තැනැත්තකු
- 1948 අංක 20 දරන ආගාමික හෝ විගාමික පනත යටතේ තමාට ප්‍රදානය කරනු ලැබූ වලංගු වීසා බලපත්‍රයක් හෝ පිටසන් කිරීමක් දරන තැනැත්තකු
- 1971.04.05 දින හෝ ඊට පසුව ලංකාවට ඇතුළු වන්නා වූ ද පනත යටතේ ලියාපදිංචි වීමට යටත් වන්නාවූ ද තැනැත්තකු විසින් ඔහු දිවයිනට ඇතුළු වූ දින සිට මාස හයක් ඇතුළත
- පනතේ 2 (2) වැනි වගන්තිය අනුව ලියාපදිංචි වීමට යටත් නොවන්නා වූද, අනතුරුව එසේ ලියාපදිංචි වීමට යටත් වන්නා වූද, තැනැත්තකු විසින් එසේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූ දින සිට මාස හයක් ඇතුළත
- 1981 පෙබරවාරි 27 දිනට පසු වයස අවුරුදු දහසය සම්පූර්ණ වන්නා වූද, පනත යටතේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූද, සෑම තැනැත්තකු විසින්ම තමාට වයස අවුරුදු දහසය සම්පූර්ණ වූ දින සිට එක් අවුරුද්දක් ඇතුළත.
- ආගාමික හෝ විගාමික පනතේ 2(1) වගන්තිය යටතේ කරන ලද නියමයක් / නියමයන් ප්‍රකාර එම පනතේ III කොටස ක්‍රියාත්මක වීමෙන් නිදහස් කරනු ලැබූ තැනැත්තකු
- 1967 අංක14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනත යටතේ නිකුත් කළ වලංගු පදිංචි වීමේ අවසර පත්‍රයක් දරන තැනැත්තකුආගාමික හෝ විගාමික පනතේ 10 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දිනට පෙර හෝ එදින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින හෝ ඇතුළු වන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 15 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි නැවතී සිටින තැනැත්තකු
ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛනපු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන වල ඡායා පිටපත්(ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්
හෝ - අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත )
- පුරවැසි සහතිකය
වයස අවුරුදු40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන - අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන - රාජ්‍ය අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- පෞද්ගලික අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, වරලත් ගණකාධිකාරී සහ ගෘහ නිර්මාණ ශිල්පී තනතුරු ඇතුළත් කිරීම සඳහා උපාධි සහතිය මෙන්ම වෘත්තීය සහතික
- විශ්‍රාමික තනතුර ඇතුළත් කිරීම සඳහා විශ්‍රාමික ලිපිය / විශ්‍රාමික කාඩ්පත
- ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන - බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය.
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය.
- අඟල් 1 3 / 8 x 7 / 8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක් ඉදිරිපත් කළ යුතුය. පසුබිම් වර්ණය අහස් නිල (Sky Blue)
- මුද්දර ගාස්තු : රු 6.00
- උචිත නියමිත කාල සීමාව(ලින්ක් කරන්න) තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය
ඉල්ලුම්පත සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී (ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ)
- පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති.
- වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී.
- විශේෂ අවශ්‍යතා හා කාරනා වලදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් බලය පවරන ලද සහතික කිරීමේ නිලධරයන්
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදීම
- සාමාන්‍ය සේවය : ඉල්ලුම්පත සහතික කළ නිළධාරියාට
- එක්දින සේවය : අදාල නිළධාරියකු සහතික කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා අංශයට














