හැඳුනුම්පතක් සංශෝධනය කර දෙවන පිටපතක් ලබා ගැනීම
පාවිච්චි කිරීමට නොහැකි සංශෝධනය කළ යුතු හැඳුනුම්පතක් වෙනුවට දෙවන පිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
2014/09/01 දිනෙන් පසු නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී උප්පැන්න සහතිකයට අදාල තොරතුරු වල වෙනසක් සිදුවී නොමැති නම්, දැනට හාවිතා කරන හැඳුනුම්පත සමඟ නැවත උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එවැනි තැනැත්තෙකු විසින් හැදුනුම්පතට තනතුර ඇතුළත් කිරීමට කරනු ලබන ඉල්ලීම් සදහා තනතුර සනාථ කිරීම සදහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කල යුතු වේ. එසේම, පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම, පැවිදි උපැවිදි වීම, විවාහ විම, ආදී වෙනස් වීම් සිදුව ඇත්නම් ඒ සඳහා අදාල ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
2014/09/01 දිනට පෙර නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන වල ඡායා පිටපත් (ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- දැනට හාවිතා කරන හැඳුනුම්පත
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන
හෝ - අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයක්
- පුරවැසි සහතිකය
වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් (ආකෘතිය ලින්ක් කරන්න)
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
- රාජ්‍ය අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපිය
- පෞද්ගලික අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපිය
- වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, වරලත් ගණකාධිකාරී සහ ගෘහ නිර්මාණ ශිල්පී තනතුරු ඇතුළත් කිරීම සඳහා උපාධි සහතිය මෙන්ම වෘත්තීය සහතික
- විශ්‍රාමික තනතුර ඇතුළත් කිරීම සඳහා විශ්‍රාමික ලිපිය / විශ්‍රාමික කාඩ්පත
- ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත.
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත.
- අඟල් 1 3 / 8 x 7 / 8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක් ඉදිරිපත් කළ යුතුය. පසුබිම් වර්ණය අහස් නිල (Sky Blue)
- මුද්දර ගාස්තු : රු 15.00
- උචිත නියමිත කාල සීමාව(ලින්ක් කරන්න) තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු දරණ ආකෘතිය.
ඉල්ලුම්පත සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී (ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ)
- වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී.
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදීම
- සාමාන්‍ය සේවය : ඉල්ලුම්පත සහතික කළ නිළධාරියා
- එක්දින සේවය : අදාල නිළධාරියකු සහතික කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා අංශයට














