උඩරට විවාහ ලියාපදිංචි කිරීම

  • උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
  • උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ

        මධ්‍යම පළාත

        උතුරු මැද පළාත

        ඌව පළාත

        සබරගමු පළාත

  • උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
  • නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
  • වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත.

විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා

  • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
  • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
  • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
  • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
  • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
  • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
  • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
  • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
  • කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය

දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

  • ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
            - කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
            - සාමදාන විනිශ්චයකරුවකු
            - ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
            - දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,

          - පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
           - විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
           - විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
              - පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක්  ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
                - දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
  • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
  • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
  • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන්  “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න
  • එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න. ඒ සමඟ අවලංගු නොකළ රු. 25.00 ක මුද්දරද සපයන්න.

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
            - කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
            - සාමදාන විනිශ්චයකරුවකු
            - ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
            - දේවගැතිතුමකු

    විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා

  • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
  • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
  • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
  • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
  • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
  • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
  • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
  • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
       
විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ

කාර්යය කාර්යය
කාර්යාලයේදී විවාහ දැන්වීමක් ඇතූළත් කිරීම 100.00
වෙනත් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතූළත් කිරීම 200.00
කාර්යාලයේදී විවාහය සිදු කිරීම 500.00
කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම (38(1)වගන්තිය) 2,500.00
කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම (38(2)වගන්තිය) 5,000.00
රෙජිස්ට්‍රාර්ගේ සහතිකය නිකූත් කිරීම 100.00

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top