උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
- ලබාගත හැකි පරිවර්තන
* සිංහල - ඉංගී්රසි
* ඉංගී්රසි - සිංහල
* දෙමළ - ඉංගී්රසි
* ඉංගී්රසි - දෙමළ
- අයදුම්පත්ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00
- ඉල්ලුම් පත්රය පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්රාදේශීය ලේකම් - කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු.500.00 (වටිනාකමට සරිලන පරිදි මුද්දර අලවන්න)
- ඕනෑම පරිවර්තන ප්රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 03කි. සිංහල - ඉංග්රීසි සහ ඉංග්රීසි සිංහල පරිවර්තන හොරණ ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලයෙන් ලබාගත හැක.














