දැව හෙලීම් බලපත්‍ර
දැව හෙලීමට අපේක්ෂා කරනු ලබන ඉඩම සඳහා නිකුත් කර ඇති බලපත්‍රය හෝ දීමනා පත්‍රය පහත කුමන වර්ගයට අයත් වන්නේද කියා විමසා බලන්න.
-1) වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම්.
-2) දීමනා පත්‍ර සකසා නොමැති මධ්‍යම පාන්තික ඉඩම්.
-3) ඉ.සං.ආ. පනත යටතේ නිකුත් කර ඇති ස්ථීර බලපත්‍ර ඇති ඉඩම්
-4) ප්‍රෙව්ණි සින්නක්කර ස්වර්ණ භූමි, ජය භූමි, රත්න භූමි දීමනා පත්‍ර සහිත ඉඩම්.
ඉහත අංක 1 හා 2 යටතේ දක්වා ඇති ඉඩම් වල පිහිටි දැව හෙලීම සඳහා අවසර නොමැත. එම ඉඩම් වලින් ඉවත් කෙරෙන සියළු දැව ප්‍රාදේශීය ලේකම් මඟින් දැව සංස්ථාව වෙත භාර දෙනු ඇත.
ඉහත අංක 3 යටතේ ඇති ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කල පසුව වවනු ලැබූ දැව වසර 20ක් පැරණි වූ පසු එම දැව හෙලීමට සහ ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිය.
ඉහත අංක 4 යටතේ ඇති ඉඩම් වල මායිම් වල පිහිට් දැව හෙලීමට හා ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිය.
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම
පහත සඳහන් ලියවිලි ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.
1) ඉල්ලීමේ ලිපිය - ඉල්ලුම්කරුගේ අත්සන ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
2) ඉඩමේ අයිතිය සනාත කල හැකි ලේඛන
- දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් පත් ඉරුව.
- ඉඩමේ මිනින්දෝරු සැලැස්ම.
( ඉහත ලේඛන වල ඡායා පිටපතක්ද ඉදිරිපත් කල යුතුය. මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායා පිටපත සනාත කිරීමෙන් පසුව මුල් පිටපත ඔබට ලබා දෙනු ඇත.)
3) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.