අනුමාන වයස් සහතික නිකුත් කිරීම

  • උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
  • අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
      - රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
     - රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
        - ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
       - රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
        - ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
        - රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
        - භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
        - ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
        - ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
        - පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
        - සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
        - පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
       - රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
        - සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
       - ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
  • තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.

ළමයෙකූ දරුකමට හදා ගැනීම

  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
  • ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
  • ඉල්ලුම්කරුගේ වයස  අවුරුදු 25ට වැඩි විය යුතූය.
  • දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
  • අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
  • විවාහක පාර්ශව විසින්(ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
  • දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
  • එම ආඥාව රෙජිස්ට්‍රාර ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
  • දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

      - උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
      - මව්පියන්ගේ විවාහ සහතිකය
      - මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
      - දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.

උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම

  • උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහන
  •  01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
  • 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
  • 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
  • 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රා‍ෙද්ශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
       - උප්පැන්නය හිමි තැනැත්තා
       - පියා හෝ මව
       - නීත්‍යානූකුල භාරකරු
      - උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු  ගාස්තුව රු. 50.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය.
  • ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි  ඒ සමඟ ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.

       - මව්පියන්ගේ විවාහ සහතිකය
      - දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
       - පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
      - මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
       - විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
       - ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
       - ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
       - විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
       - පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම

  • උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,

       - උනන්දුවක් දක්වන ඕනෑම අයකු
       - මව්පියන්ගෙන් කෙනෙකු
       - ප්‍රකාශ පත්‍රයට ඇලවිය යුතු මුද්දර,

            - උපත සිදුවී මාස දොලහක් ඇතුලත - රු.1.00
            - උපත සිදුවී මාස දොලහකට වැඩි   - රු.5.00
  • උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.

       - මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
       - විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
       - රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
       - ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
       - වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
       - පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.

       - මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
       - උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
       - පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්,

            - රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
            -  ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
            - වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
            - වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්,

       - සෞඛ්‍ය වර්ධන සටහන
       - බෞතීස්ම සහතිකය,
       - පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
       - වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

Obtain a Certified Copy of the Certificate of Birth


  • Refer the application to the Divisional Secretariat of the area in which the place of birth is occurred.
  • Application can be obtained from any Divisional Secretariat.
  • Fees chargeable If the number of the certificate of birth & the registered date is known Rs.100.00
    If don't know the number of the certificate of birth or the registered date, for search of birth registers for period of 03 months Rs.200.00, for search of birth registers for period of 02 years Rs.200.00
  • Required fee should be affixed in the application form by stamps.
  • Duly filled application should be submit to the Divisional Secretariat.
  • f you like to obtain the birth certificate by post, submit a stamped envelope with the application.
  • If the birth is registered a birth certificate will be send and if the birth is not registered a letter to the effect will be send.

News & Events

22
මැයි2026
ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

ගංවතුර හා නායයාම් පිලිබඳ අවදානයෙන් පසුවන්න.

කළු ගඟ ගලයි. අවධානයෙන් ඉන්න.මේ වන විට...

07
මැයි2026
කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට නොමිලේ NVQ සහතිකයක්....!!

  කාර් මික ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට...

Scroll To Top